මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ගීත කිහිපයක පද පේලි එකතු කොට අනුෂ්ක උදාන ලියනගේ තවත් රසවත් ගීතයක් නිර්මාණය කර තිබෙනවා. "පුෂ්ප රාගය" ලෙස හඳුන්වා තිබෙන මෙම ගීය ගීත 18ක පමණ පද පේලිවලින් සමම්විත වේ. මූලාශ්‍ර කොට ගත් ගී සියල්ලම මල් ගණයේ නොහොත්, බූට් ගණයේ ගීත වේ.
රොමේෂ් සුගතපාල ගේ "බලා ඉන්නම්" ගීතය, "දිගු දෑස" ගීතය, තීක්ෂණ අනුරාධගේ "ඔබ තරම්" ගීතය, "ආයෙත් හඬන්න" ගීතය, නදීර නෝනිස්ගේ "පළමු අයිතිකාරයා" ගීතය, රොෂාන් ප්‍රනාන්දුගේ "ඔයා නිසා හඬලා" ගීතය, "පෙරදා හඬවා ගියා" ගීතය, නොයෙල් රාජ්ගේ "දුක වැඩි තරමට" ගීතය, "ලං ලං වෙලා" ගීතය, උදය ශ්‍රී ගේ "මගෙ හීනය" ගීතය, චාමික සිරිමාන්නගේ "ආයේ එන්න පන" ගීතය, "දුක දරා ගන්න බෑ" ගීතය, ශෂිකා නිසංසලාගේ "අප හමු වුණ තැන" ගීතය, අතුල අධිකාරිගේ "වෙන හිතකට තුරුළුවෙලා" ගීතය, "හිත අස්සට" ගීතය, මංජුල පුෂ්පකුමාරගේ "හිමි වුණ ඔබ මට අහිමිවෙලා" ගීතය, ශිහාන් මිහිරංගගේ "මගේ වෙලා ලඟ උන්නු ඔයා" ගීතය සහ රුවන් හෙට්ටිආරච්චිගේ "දුක වැඩි නෙතේ" ගීතවල පද පේලි මෙම ගීතය නිර්මාණය සඳහා යොදා ඇත.
