Showing posts with label A. Show all posts
Showing posts with label A. Show all posts

Tuesday, September 29, 2015

වැරදුණු තැන - Weradunu Thena


මෑත කාලයේ මට අසන්නට ලැබුණු තවත් එක් සිත් බැඳි ගීයක් අද මම ඉදිරිපත් කරන්නම්. මේ ගීතය නිර්මාණය කිරීමට සත්‍ය සිදුවීමක් පාදක නොවූවද, මෙම ගීතය නිර්මාණය කිරීමට මූලික වූ පුද්ගලයාගේ ජීවිතයට මෙම ගීතයේ කතා තේමාව පසුව සැබැවින් අත්විඳීමට සිදුවීම සැබැවින්ම දෛවෝපගත සිදුවීමකි.

ගීතය ගායනා කරන අනුෂ්ක, දිනක් ඔහුගේ මිතුරෙකුගේ සාදයක ගීතයක් ගායනා කරන අයුරු ඕෂද නම් තවත් සංගීතයට ලැදි පුද්ගලයෙකුගේ නෙත ගැටෙයි. ඒ සමගම ඕෂදගේ හිතේ ඇතිවන අදහස පසුව සාදය අතරතුරදී ඔහු අනුෂ්ක හමුවී පවසා ඇත. දෙවරක් නොසිතා අනුෂ්ක මේ අදහසට එකඟ වී ඇත්තේ ඔහුට ඔහු පිළිබඳවම පවතින ආත්ම විශ්වාසය නිසාය. ඒ අනුව ඕෂදගේ මිතුරකු වන මනුරංග විසින් මෙම ගීතයේ පද රචනාව සිදු කරන අතර ගීතය නිර්මාණය වන්නේ යුග ගීයක් ලෙසිනි.

Friday, July 24, 2015

ආදරයේ උල්පත වූ අම්මා - Adaraye Ulpatha Wu Amma


මගේ පළමු දිගහැරුම මම විශිෂ්ඨතම ගීයකින් ආරම්භ කරන්නම්. එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම ගී පද රචකයකු වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචිත වික්ටර් රත්නායක මහතා විසින් ගායනා කරන ලද මෙම ගීතය මවුගුණ ගීත අතරින් ඉතාමත් ජනප්‍රිය ඒ වගේම විශාල අර්ථයක් ඇති ගීයක් යැයි සඳහන් කිරීම කළයුතුමයි.

වරක් සරල ගී වැඩසටහනකට අවශ්‍ය ගීයක් නිර්මාණය කරගැනීම සඳහා වික්ටර් රත්නායක මහතා, ප්‍රේමකීර්ති ද අල්විස් මහතා මුණගැසීමට පැමිණි විටෙක, ප්‍රේමකීර්ති ද අල්විස් මහතා යම්කිසි කාර්‍යයක් සඳහා පිටතට යාමට සූදානමින් සිටියේය. තමා පැමිණි කාරණාව සඳහන් කරත් ප්‍රේමකීර්ති මහතා වික්ටර් මහතාටද තමන් සමග පැමිණෙන ලෙස ආරධනා කර ඇත. කෙසේ නමුත් මොවුන් දෙදෙනා අවසානයේ පැමිණියේ රෝගාතුරව සිටින ප්‍රේමකීර්ති මහතාගේ මව බැලීමටයි. මවගේ සුවදුක් විමසා නැවත රෝහලේ සිට පැමිණිමේදී ප්‍රේමකීර්ති මහතා විසින් වික්ටර් මහතාගෙන් යලිත් ආ කාරණාව විමසා ඇති අතර මේ ගීතයේ මුල් පද කිහිපය ඒ එන අතරමගදී රචනා කර ඇති බව පැවසේ.