මගේ පළමු දිගහැරුම මම විශිෂ්ඨතම ගීයකින් ආරම්භ කරන්නම්. එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම ගී පද රචකයකු වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචිත වික්ටර් රත්නායක මහතා විසින් ගායනා කරන ලද මෙම ගීතය මවුගුණ ගීත අතරින් ඉතාමත් ජනප්‍රිය ඒ වගේම විශාල අර්ථයක් ඇති ගීයක් යැයි සඳහන් කිරීම කළයුතුමයි.
වරක් සරල ගී වැඩසටහනකට අවශ්‍ය ගීයක් නිර්මාණය කරගැනීම සඳහා වික්ටර් රත්නායක මහතා, ප්‍රේමකීර්ති ද අල්විස් මහතා මුණගැසීමට පැමිණි විටෙක, ප්‍රේමකීර්ති ද අල්විස් මහතා යම්කිසි කාර්‍යයක් සඳහා පිටතට යාමට සූදානමින් සිටියේය. තමා පැමිණි කාරණාව සඳහන් කරත් ප්‍රේමකීර්ති මහතා වික්ටර් මහතාටද තමන් සමග පැමිණෙන ලෙස ආරධනා කර ඇත. කෙසේ නමුත් මොවුන් දෙදෙනා අවසානයේ පැමිණියේ රෝගාතුරව සිටින ප්‍රේමකීර්ති මහතාගේ මව බැලීමටයි. මවගේ සුවදුක් විමසා නැවත රෝහලේ සිට පැමිණිමේදී ප්‍රේමකීර්ති මහතා විසින් වික්ටර් මහතාගෙන් යලිත් ආ කාරණාව විමසා ඇති අතර මේ ගීතයේ මුල් පද කිහිපය ඒ එන අතරමගදී රචනා කර ඇති බව පැවසේ.
