Wednesday, August 5, 2015

කුමරියක පා සළඹ සැලුනා - Kumariyaka Pa Salamba Seluna


මේ සිංදුව කේ. ඩී. කේ. ධර්මවර්ධන විසින් පද රචනය කොට, වික්ටර් රත්නායක මහතා විසින් සංගීතවත් කොට, ඩබ්. ඩී. අමරදේව ශූරීන් විසින් ගායනා කරනු ලබන ඉතා ජනප්‍රිය ගීයකි. සුභාවිත ගීත නම් එෆ්. බී. පිටුවේ එම ගීතය සඳහා පහත දැක්වෙන අයුරින් අර්ථ කථනයක් ලබා දී තිබූ අතර එය ගීතයේ අර්ථයට ගැලපෙන බැවින් මා මෙහි එය පළකරමි.

"කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා.."

මට තේරෙන හැටියට කාන්තාවකගේ නැටුමක් දැකලා තපසට නැඹුරු වෙලා හිටිය කෙනෙක්ගේ හිත වෙනස් වෙන හැටි.. එහෙම නැත්නම් තාපසයෙක් වගේ හිටිය කෙනෙක්ගේ හිත මේ කාන්තාවගේ නැටුම නිසා රාගය මුසු හැඟීම් වල පිබිදීම ගැන විස්තර වෙනවා මේකේ.

සිංහල සිංදු කියන - Sinhala Sindu Kiyana


ශ්‍රී ලංකාවේ දකුණු ලකට නෑකම් කියන මේ ගීතය නිර්මාණය වෙන්නෙ මෙහෙමයි...

මගේ මතකය නිවැරදි නම් එය 1994 වියයුතුය. මහ රෑ ප්‍රවීන සාහිත්‍යධර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ දුරකථනය නාද වෙනව. වහාම දුරකථනයට පිළිතුරු දෙන රත්න ශ්‍රී ට අනෙක් පසෙන් ලැබෙන්නේ මෙබදු පිළිතුරක්...
 
"රත්නෙ...මේ මාසෙ සිවුදෙස සගරාව කියෙව්වද...?”
 
මෙහෙම අහන්නේ විශාරද ගුණදාස කපුගේය. මාත් ඒ කාලෙ බොහොම ආසාවෙන් කියවපු හැමදෙනා අතර ඉතා ජනප්‍රිය වූ කවියෙක් හා මාධ්‍යවේදියකු වූ දයාසේන ගුණසේනයන් සංස්කරණය කළ මාසික සගරාව තමයි "සිවුදෙස” කියන්නෙ. කපුගේ කියන්නෙ ඒකෙ තිබුණු ලිපියක් කියවන්න කියල රත්න ශ්‍රී ට. ඒකෙ අපූරු කතාවක් ගැබ් වෙලා තිබුණා...

Thursday, July 30, 2015

ඔබේ නමින් සෑය බඳිමි - Obe Namin Seya Bandimi


මහගම සේකරයන් විසින් රචනා කරන ලද, පණ්ඩිත් අමරදේවයන් විසින් සංගීතවත් කර විශිෂ්ඨ ලෙස ගායනා කරන ලද මෙම ගීතය සිංහල බැති ගී ගණයට අයත් ගීයකි. මෙම ගීතයේ කතා පුවත අතීත රජ දවස සිදුවූ එක්තරා සිදුවීමක් පිළිබඳව රසවත් ලෙස කියාපායි. 

මා අසා ඇති අයුරින්, ඒ කතා පුවත මෙසේය.
දුටුගැමුණු රජතුමා විසින් සාදවා නිමකරවන ලද රුවන්මැලි මහ සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ඉදිකිරීමට පෙර එය ඉදිකිරීම සඳහා සුදුසු බිමක් තේරීමෙන් පසු එම බිම් පෙදෙස දාගැබ ඉදිකිරීමට සුදුසු ලෙස සැකසීමේදී එහි වූ එක්තරා රන් තෙළඹු ගසක් ඉවත් කිරීමටද සිදුවිය. මෙම ගස ඉවත් කල යුතු වූ නමුත් එය පහසු කටයුත්තක්නම් වූයේ නැත. මේ පිළිබඳව සොයා බැලීමේදී රජතුමාට දැනගැනීමට ලැබුණේ එම ගසට අරක්ගත් ස්වර්ණමාලී නම් දේවතාවියක් සිටිනා බවත් එම දේවතාවිය ඇයගේ විමානයකොට ගත් මෙම රන්තෙළඹු ගසෙන් ඉවත්ව යෑමට අකමැති බවත්ය. එහිදී ගසෙන් ඉවත්ව යන ලෙස දුටුගැමුණු රජු විසින් ස්වර්ණමාලී නම් දේවතාවියගෙන් ඉල්ලාසිටි අයුරු ඉතාමත් රසවත් අයුරින් මෙම ගීතයෙන් ප්‍රකාශිත වේ.
පැරණි කතාව ඉතිහාසයේ සඳහන් වන්නේ මෙලෙසිනි.

Friday, July 24, 2015

ආදරයේ උල්පත වූ අම්මා - Adaraye Ulpatha Wu Amma


මගේ පළමු දිගහැරුම මම විශිෂ්ඨතම ගීයකින් ආරම්භ කරන්නම්. එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම ගී පද රචකයකු වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචිත වික්ටර් රත්නායක මහතා විසින් ගායනා කරන ලද මෙම ගීතය මවුගුණ ගීත අතරින් ඉතාමත් ජනප්‍රිය ඒ වගේම විශාල අර්ථයක් ඇති ගීයක් යැයි සඳහන් කිරීම කළයුතුමයි.

වරක් සරල ගී වැඩසටහනකට අවශ්‍ය ගීයක් නිර්මාණය කරගැනීම සඳහා වික්ටර් රත්නායක මහතා, ප්‍රේමකීර්ති ද අල්විස් මහතා මුණගැසීමට පැමිණි විටෙක, ප්‍රේමකීර්ති ද අල්විස් මහතා යම්කිසි කාර්‍යයක් සඳහා පිටතට යාමට සූදානමින් සිටියේය. තමා පැමිණි කාරණාව සඳහන් කරත් ප්‍රේමකීර්ති මහතා වික්ටර් මහතාටද තමන් සමග පැමිණෙන ලෙස ආරධනා කර ඇත. කෙසේ නමුත් මොවුන් දෙදෙනා අවසානයේ පැමිණියේ රෝගාතුරව සිටින ප්‍රේමකීර්ති මහතාගේ මව බැලීමටයි. මවගේ සුවදුක් විමසා නැවත රෝහලේ සිට පැමිණිමේදී ප්‍රේමකීර්ති මහතා විසින් වික්ටර් මහතාගෙන් යලිත් ආ කාරණාව විමසා ඇති අතර මේ ගීතයේ මුල් පද කිහිපය ඒ එන අතරමගදී රචනා කර ඇති බව පැවසේ.