Wednesday, August 5, 2015

කුමරියක පා සළඹ සැලුනා - Kumariyaka Pa Salamba Seluna


මේ සිංදුව කේ. ඩී. කේ. ධර්මවර්ධන විසින් පද රචනය කොට, වික්ටර් රත්නායක මහතා විසින් සංගීතවත් කොට, ඩබ්. ඩී. අමරදේව ශූරීන් විසින් ගායනා කරනු ලබන ඉතා ජනප්‍රිය ගීයකි. සුභාවිත ගීත නම් එෆ්. බී. පිටුවේ එම ගීතය සඳහා පහත දැක්වෙන අයුරින් අර්ථ කථනයක් ලබා දී තිබූ අතර එය ගීතයේ අර්ථයට ගැලපෙන බැවින් මා මෙහි එය පළකරමි.

"කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා.."

මට තේරෙන හැටියට කාන්තාවකගේ නැටුමක් දැකලා තපසට නැඹුරු වෙලා හිටිය කෙනෙක්ගේ හිත වෙනස් වෙන හැටි.. එහෙම නැත්නම් තාපසයෙක් වගේ හිටිය කෙනෙක්ගේ හිත මේ කාන්තාවගේ නැටුම නිසා රාගය මුසු හැඟීම් වල පිබිදීම ගැන විස්තර වෙනවා මේකේ.

සිංහල සිංදු කියන - Sinhala Sindu Kiyana


ශ්‍රී ලංකාවේ දකුණු ලකට නෑකම් කියන මේ ගීතය නිර්මාණය වෙන්නෙ මෙහෙමයි...

මගේ මතකය නිවැරදි නම් එය 1994 වියයුතුය. මහ රෑ ප්‍රවීන සාහිත්‍යධර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ දුරකථනය නාද වෙනව. වහාම දුරකථනයට පිළිතුරු දෙන රත්න ශ්‍රී ට අනෙක් පසෙන් ලැබෙන්නේ මෙබදු පිළිතුරක්...
 
"රත්නෙ...මේ මාසෙ සිවුදෙස සගරාව කියෙව්වද...?”
 
මෙහෙම අහන්නේ විශාරද ගුණදාස කපුගේය. මාත් ඒ කාලෙ බොහොම ආසාවෙන් කියවපු හැමදෙනා අතර ඉතා ජනප්‍රිය වූ කවියෙක් හා මාධ්‍යවේදියකු වූ දයාසේන ගුණසේනයන් සංස්කරණය කළ මාසික සගරාව තමයි "සිවුදෙස” කියන්නෙ. කපුගේ කියන්නෙ ඒකෙ තිබුණු ලිපියක් කියවන්න කියල රත්න ශ්‍රී ට. ඒකෙ අපූරු කතාවක් ගැබ් වෙලා තිබුණා...