වික්ටර් රත්නායක


කඩුගන්නාවට නුදුරු කුඩා ගම්මානයක රත්නායක වෙද මහතාට දාව 1942 පෙබරවාරි 18 වන දින උපන් වික්ටර් රත්නායක කුඩා කල සිටම සංගීතමය පසුබිමක හැදී වැඩුනු පුද්ගලයෙකි. සිය පියාගේ නූර්ති ගී ගායනයට ලැදි බවක් දැක්වූ වික්ටර් රත්නායකයන්ට නව හැවිරිදි වියේදී සිය පියා තෑගි කල හාර්මොනියම ඔහුගේ පලමු වාද්‍ය භාණ්ඩය විය. සංගීතඥ සිරිල් පෙරේරා යටතේ මුල්ගම්පල පිහිටි M.G.P. ආයතනයෙන් වාදනය සහ ගායනය හැදෑරූ රත්නායකයන් එවකට රාජ්‍ය සංගීත විද්‍යාලය ලෙස හැදින්වුනු වර්තමාන සෞන්දර්ය කලායතනයෙන් පසු කාලීන අධ්‍යාපනය ලැබීය. 1964 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සිය ප්‍රථම ගීතය ප්‍රචාරය කල රත්නායකයන් පසු කලෙකදී සංගීත උපදේශකවරයෙකු වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ විය. ඉන් පසුව බණ්ඩාරවෙල පිහිටි එත්තලපිටිය මහා විද්‍යාලයලයට අනුයුක්තව සේවය කල ඔහු ප්‍රේමකිර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, කේ.ඩී.කේ ධර්මවර්ධන, ආර්.ආර්. සමරකොන්, චින්තන ජයසේන සහ බණ්ඩාර කේ. විජෙතුංග යන සම කාලීනයන්ගේ ඉල්ලීම සලකා "ස" ප්‍රසංගය ආරම්භ කලේය.1973 ජූලි මස 20 වන දින ආරම්භ කල "ස" ප්‍රසංගය ඉන් වසර 39 කට පසු 2012 ජූලි මස 20 වන කොලඹ ලුම්බිණි ශාලාවේදීම නිමාවට පත් විය.

(විස්තර ගත්තේ මෙතනින්: https://si.wikipedia.org/wiki/වික්ටර්_රත්නායක)


ආදරයේ උල්පත වූ අම්මා - Adaraye Ulpatha Wu Amma

No comments:

Post a Comment