ගුණදාස කපුගේ


ගුණදාස කපුගේ සිංහල ගායකයෙක් සහ සංගීතවේදියෙකි. 1945 අගොස්තු 7 වනිදා මෙලොව එලිය දුටු ඔහුගේ සම්පූර්ණ නම එල්ලමුල්ල කපුගේ ගුණදාස වේ. ඔහු එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලය, කරන්දෙනිය ජාතික පාසල සහ ගාල්ල නගොඩ පාසල යන පාසල් මගින් ඔහුගේ අධ්‍යාපනය ලබා ගත්තේය. වටිනා කලා ජීවිතයක් හිමිවූ ඔහුගේ කලා ජීවිතයේ ඔහු බොහෝ සම්මාන වලින් පිදුම්ලත් පුද්ගලයෙකි.

1996 :
ස්වර්න සන්ක සම්මානය – හොඳම කටහඬ
විශ්ව ප්‍රසදිනී සම්මානය සරසවි සම්මානය – හොඳම කටහඬ

1997 : 
රස සන්ගීත සම්මානය – හොඳම ගායකයා
ජනාධිපති සම්මානය – හොඳම ඉදිරිපත්කිරීම් ගයකයා
සරසවි සම්මානය – හොඳම කටහඬ
OCIC සම්මානය – නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය

1998 : 
ජනාධිපති සම්මනය – හොඳම ගායකයා

1999 : 
සරසවි සම්මානය – ප්‍රසාද පූජා සම්මානය

ඔහු ලංකාවේ ඉතා ඉහල තැනක් දිනූ ඉතා වටිනා කලාකරුවෙකි. ඔහුගේ ගායන විලාසය හා ඔහුගේ ගීත බොහෝ දෙනාගේ සිත්තුල නිදන්ගතවී තිබුනි. 2003 අප්‍රේල් 03 දින ඔහු අප අතරින් සමුගත්තේය. ඔහුගේ ජීවිතය අප අතර නැතිවුනත් ඔහු ගැයූ ගීත අප සවන් තුල සදා පවතී.

(විස්තර ගත්තේ මෙතනින්: https://si.wikipedia.org/wiki/ගුණදාස කපුගේ)

සිංහල සිංදු කියන - Sinhala Sindu Kiyana

No comments:

Post a Comment