Tuesday, September 1, 2015

පුෂ්ප රාගය - Pushpa Raagaya


මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ගීත කිහිපයක පද පේලි එකතු කොට අනුෂ්ක උදාන ලියනගේ තවත් රසවත් ගීතයක් නිර්මාණය කර තිබෙනවා. "පුෂ්ප රාගය" ලෙස හඳුන්වා තිබෙන මෙම ගීය ගීත 18ක පමණ පද පේලිවලින් සමම්විත වේ. මූලාශ්‍ර කොට ගත් ගී සියල්ලම මල් ගණයේ නොහොත්, බූට් ගණයේ ගීත වේ.

රොමේෂ් සුගතපාල ගේ "බලා ඉන්නම්" ගීතය, "දිගු දෑස" ගීතය, තීක්ෂණ අනුරාධගේ "ඔබ තරම්" ගීතය, "ආයෙත් හඬන්න" ගීතය, නදීර නෝනිස්ගේ "පළමු අයිතිකාරයා" ගීතය, රොෂාන් ප්‍රනාන්දුගේ "ඔයා නිසා හඬලා" ගීතය, "පෙරදා හඬවා ගියා" ගීතය, නොයෙල් රාජ්ගේ "දුක වැඩි තරමට" ගීතය, "ලං ලං වෙලා" ගීතය, උදය ශ්‍රී ගේ "මගෙ හීනය" ගීතය, චාමික සිරිමාන්නගේ "ආයේ එන්න පන" ගීතය, "දුක දරා ගන්න බෑ" ගීතය, ශෂිකා නිසංසලාගේ "අප හමු වුණ තැන" ගීතය, අතුල අධිකාරිගේ "වෙන හිතකට තුරුළුවෙලා" ගීතය, "හිත අස්සට" ගීතය, මංජුල පුෂ්පකුමාරගේ "හිමි වුණ ඔබ මට අහිමිවෙලා" ගීතය, ශිහාන් මිහිරංගගේ "මගේ වෙලා ලඟ උන්නු ඔයා" ගීතය සහ රුවන් හෙට්ටිආරච්චිගේ "දුක වැඩි නෙතේ" ගීතවල පද පේලි මෙම ගීතය නිර්මාණය සඳහා යොදා ඇත. 

ඒ වගේම මේ සඳහා රසවත් රූප රචනාවක්ද නිර්මාණය කර තිබේ.

මෑත කාලයේ පනප්‍රිය වූ ගීත රූප රචනා කිහිපයක කොටස් එකතු කොට හාස්ස්‍ය දනවන අයුරින්, නිර්මාණාත්මක ලෙස මෙම ගීතයේ රූප රචනාවද නිර්මාණය කර තිබේ. 
දිමන්ක වෙල්ලාලගේගේ "නිදුකින් ඉනු මැන" ගීතයේ රූප රචනාව, ප්‍රදීප් රංගනගේ "පෙම් සිහිනේ" ගීතයේ රූප රචනාව, මංජුල පුෂ්පකුමාරගේ "හිමි වුණ ඔබ මට අහිමි වෙලා" ගීතයේ රූප රචනාව, රොමේෂ් සුගතපාලගේ "දිගු දෑස" ගීතයේ රූප රචන්නව, ඒ වගේම රොෂන් ප්‍රනාන්දුගේ "ඔයා නිසා හඬලා" ගීතයේ රූප රචනාව යන රූප රචනාවල කොටස් එකතු කොට ඒවා හාස්‍ය උපදවන අයුරින් ඉදිරිපත් කර තිබේ.  

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
මන් තාමත් මගෙයි තනි හීනේ
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
පළමු අයිති කාරයා
තවමත් මම ඔය ඇස්වල
තරහ වෙලා... හැරගියදා...
ඔබ ගියෙ ඇයි ඈත් වෙලා...

කඳුලක් කඳුලක් ගානේ
පෙම දිය කරලා
අපේම ලොවේහි අප මුණගැසේවි
හිතමින් පෙම් කරලා
හිත හඬන තරම් ඔබ දන්නවනම්
ඔබ ගියෙ ඇයි ඈත් වෙලා

පෙරදා හඬවා ගියා ඔයා
ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ
කවදාවත් ඔබ නාවත්
තරහා නෑ හිතුනේ...
වෙන් වෙන්න බෑ මට...
පෙම් කල නිසා...

වෙන හිතකට තුරුළු වෙලා
දුක දැනුනෙ නැතිදෝ හදේ
කඳුළු හොරා...
ඉන්නෙ ඔයා...
නිතරම මට සිහි වෙනවා..
මැව්වෙ ඔයා.. මට යන්නට බෑ..
මතකෙන් ඔබගේ
පළමු අයිති කාරයා
ඔබ ගියෙ ඇයි ඈත් වෙලා
මා සඩා හඬනවා... වේදනා දැනුනේ...
වරද මගේ රත්තරනේ... කියලා දෙන්න...


To Download the "Obe Namin Seya Bandimi" MP3 Song Click on the Following Links
Download Link


No comments:

Post a Comment